නිතර අසන ප්‍රශ්න

Cayo Aligners වෙතින් ලබාදෙන විනිවිද පෙනෙන අලයිනර්, ප්‍රතිකාර පිරිවැය, පියවරයන් සහ ප්‍රතිකාරයෙන් පසු රැකවරණය පිළිබඳ පොදු ගැටලුවලට නිවැරදි පිළිතුරු මෙතැනින් දැනගන්න. මෙය ඔබේ සිනහව වෙනුවෙන් විශ්වාසදායක තීරණයක් ගැනීමට ඔබට උපකාරී වනු ඇත.

අලයිනර්ස් ප්‍රතිකාරය පිළිබඳ පොදු ප්‍රශ්න

විනිවිද පෙනෙන අලයිනර් සඳහා කොපමණ මුදලක් වැය වේද?

විනිවිද පෙනෙන අලයිනර් සඳහා සාමාන්‍යයෙන් රුපියල් 150,000 සිට 500,000+ දක්වා මුදලක් වැය වේ. මෙම පිරිවැය දත්වල පවතින ගැටලුවේ සංකීර්ණතාවය සහ ප්‍රතිකාරය සඳහා අවශ්‍ය වන ඇලයිනර්ස් කට්ටල ගණන අනුව වෙනස් විය හැක.

විනිවිද පෙනෙන  අලයිනර් බාහිරට නොපෙනෙන නිසාත්, භාවිතය වඩාත් පහසු නිසාත් සාමාන්‍ය බ්‍රේසස්වලට වඩා ඉදිරියෙන් සිටී. කෙසේ වෙතත්, ඔබට වඩාත්ම ගැළපෙන ක්‍රමය තීරණය වන්නේ ඔබේ දත්වල ස්වභාවය අනුවය. සුළු හා මධ්‍යස්ථ මට්ටමේ දන්ත ගැටලු සඳහා ඇලයිනර් ප්‍රතිකාරය වඩාත් සුදුසු වේ.

බොහෝ අලයිනර්ස් ප්‍රතිකාර සඳහා මාස 6 සිට 18 දක්වා කාලයක් ගතවේ. මෙය දත්වල පවතින ගැටලුවේ බරපතලකම සහ ඔබ කෙතරම් දුරට දිනපතා නිවැරදිව අලයිනර්ස් පැළඳ සිටින්නේද යන්න මත රඳා පවතී.

ඔව්, ඔබටම විශේෂිතව සකසන ලද අලයිනර්ස් කට්ටල මාලාවක් මඟින් දත් ක්‍රමයෙන් නිසි ස්ථානයට ගෙන යමින්, සුළු හා මධ්‍යස්ථ මට්ටමේ පවතින දත් තෙරපීමේ ගැටලු සාර්ථකව විසඳිය හැක.

සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දිනකට පැය 20–22ත් අතර කාලයක් ඇලයිනර්ස් පැළඳ සිටිය යුතුය. ආහාර ගන්නා විට, යමක් පානය කරන විට හෝ දත් පිරිසිදු කරන විට පමණක් එය ගලවා ඉවත් කළ යුතුය.

නව අලයිනර්ස් කට්ටලයක් පළඳින මුල් දිනවලදී දත් මත සුළු තෙරපීමක් හෝ අපහසුතාවයක් දැනිය හැකි වුවත්, දින කිහිපයක් ඇතුළත එය සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

අලයිනර්ස බොහෝ දෙනෙකුට සුදුසු වුවද, සෑම දන්ත ගැටලුවකටම මෙය භාවිත කළ නොහැක. ඔබගේ තත්ත්වයට මෙය ගැළපෙන්නේදැයි තහවුරු කර ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

සාමාන්‍ය බ්‍රේසස් ප්‍රතිකාරවලට සාපේක්ෂව අලයිනර්ස් ප්‍රතිකාරයේදී සායනයට යා යුතු වාර ගණන සීමිතය. ප්‍රතිකාරයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා වරින් වර පමණක් වෛද්‍යවරයා හමුවීම ප්‍රමාණවත් වේ.

ප්‍රතිකාරය අවසන් වූ පසු, සකස් කරගත් දත් නැවත පැවති ස්ථානයට හැරීම වැළැක්වීම සහ නව පිහිටීම ඒ අයුරින්ම පවත්වා ගැනීම සඳහා රිටේනර්ස් (Retainers) භාවිතය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබයි. 

ඔබටම ගැළපෙන පුද්ගලික ප්‍රතිකාර සැලසුමක් සකස් කිරීම සඳහා මුලින්ම දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ ඩිජිටල් ස්කෑන් පරීක්ෂණයක් (Digital scan) සිදු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

ඔව්, අලයිනර් යනු බාහිරට නොපෙනෙන, භාවිතය ඉතා පහසු මෙන්ම සාමාන්‍ය බ්‍රේසස්  වෙනුවට භාවිත කළ හැකි නවීනතම විකල්පයකි. එබැවින් බොහෝ රෝගීන් මේ සඳහා යොමු වීමට වැඩි කැමැත්තක් දක්වයි.

සෑම පුද්ගලයෙකුගේම දත් පිහිටීම සහ පවතින ගැටලු එකිනෙකට වෙනස් වේ. ඒ අනුව ප්‍රතිකාරයේ පවතින සංකීර්ණතාවයද වෙනස් වන බැවින් මිල ගණන්වලද වෙනස්කම් සිදුවේ.

ඔව්, බොහෝ සේවා සපයන්නන් විසින් ඔබට පහසු වන පරිදි නම්‍යශීලී කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රමවේද (Flexible payment plans) හඳුන්වා දී ඇත.

ඔව්, නිවැරදිව සහ නොකඩවා භාවිත කරන විට, බොහෝ දන්ත ගැටලු සඳහා අලයිනර්ස් ඉතාමත් සාර්ථක සහ ඵලදායී ප්‍රතිකාර ක්‍රමයකි.

ඔව්, උපරිම ප්‍රතිඵල සඳහා දවසේ වැඩි කාලයක් (දිනකට පැය 20–22ත් අතර කාලයක්) ඔබ මෙය අනිවාර්යයෙන්ම පැළඳ සිටිය යුතුය.

ආහාර ගන්නා විට හෝ දත් පිරිසිදු කරන විට පමණක් ඔබට මේවා ගලවා තැබිය හැකි වුවත්, හොඳම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අනෙක් සෑම අවස්ථාවකදීම මෙය ක්‍රමවත්ව පැළඳ සිටීම වැදගත් වේ.

කායෝ අලයිනර්ස් මූලික පරීක්ෂාව

අවශ්‍ය ඡායාරූප

Cayo Aligner Preliminary Screening

Required Photos