විනිවිද පෙනන අලයිනර්ස් (Clear aligners)
ශ්‍රී ලංකාවේ අංක එකේ අලයිනර් සේවා සැපයුම්කරු – Cayo දන්ත රෝහල අනුග්රහයෙනි.
- බාහිරට නොපෙනෙන විනිවිද පෙනෙන සුළු ප්‍රතිකාර ක්‍රමවේදය
- ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සකසන ප්‍රතිකාර සැලසුම්
- ඔබටම අනන්‍ය වූ ප්‍රතිඵල
600+ සිනහවන් සුවපත් කර ඇත
ඩිජිටල් තාක්ෂණික ප්‍රතිකාර සැලසුම්කරණය
ශ්‍රී ලංකාවේ අංක එකේ ක්ලියර් ඇලයිනර්ස් සේවා සැපයුම්කරු
Cayo දන්ත රෝහල
අනුග්රහයෙනි
අලයිනර් ප්‍රතිකාරය ආරම්භ කිරීමට පෙර ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු
අපගේ මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ අලයිනර්ස් ප්‍රතිකාරය ක්‍රියාත්මක වන ආකාරය, ඒ සඳහා වැය වන පිරිවැය, ගතවන කාලය සහ මෙයට ඇති සුදුසුකම් ඇතුළු සමස්ත ක්‍රියාවලිය පිළිබඳව ඔබට පූර්ණ අවබෝධයක් ලබා දීම සඳහාය. එමඟින් ඔබට විශ්වාසයෙන් යුතුව වඩාත් නිවැරදිම තීරණ ගැනීමට අවස්ථාව හිමි වේ.
අලයිනර් (Clear Aligners) ද බ්‍රේසස් (Braces) ද? – ඔබට වඩාත්ම ගැලපෙන්නේ කුමක්ද?
අලයිනර්ස් සහ බ්‍රේසස් යන ක්‍රම මඟින් අක්‍රමවත් දත් ක්‍රමවත්ව සකස් කිරීම සඳහා භාවිත කරන ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයන් වේ. නමුත් ඒවා ක්‍රියාත්මක වන ආකාරය සහ ඔබේ ජීවන රටාවට ගැලපෙන ආකාරය එකිනෙකට වෙනස් වේ. මෙම ප්‍රධාන වෙනස්කම් වටහා ගැනීම, ඔබේ අවශ්‍යතාවයට වඩාත්ම ගැලපෙන ප්‍රතිකාරය තෝරා ගැනීමට ඔබට උපකාරී වනු ඇත.
| විශේෂාංගය | විනිවිද පෙනෙන අලයිනර්ස් | සාම්ප්‍රදායික දත් කම්බි |
|---|---|---|
| පෙනුම | විනිවිද පෙනෙන නිසා බාහිරට නොපෙනෙන තරම්ය. | පැහැදිලිව පෙනෙන ලෝහමය බ්‍රැකට් සහිතයි . |
| පහසුව | සිනිඳු ප්ලාස්ටික් තැටි නිසාවෙන් තුවාල හෝ අපහසුතා ඇති නොවේ. | තොල් සහ විදුරුමස් තුවාල වීමට හෝ අපහසුතා ඇති වීමට ඉඩ ඇත. |
| ගැලවීමේ හැකියාව | ආහාර ගැනීමේදී සහ පිරිසිදු කිරීමේදී ගැලවිය හැක. | ප්‍රතිකාරය අවසන් වන තෙක් දත්වලටම සවි කර ඇත . |
| මුඛ සෞඛ්‍යය | දත් සහ අලයිනර් පහසුවෙන් පිරිසිදු කළ හැක. | දත් අතර මැදීමට සහ පිරිසිදු කිරීමට තරමක් අපහසුය. |
| ආහාර ගැනීමේ සීමා | කිසිවක් නැත (කෑමට පෙර ගලවා තැබිය හැක). | තද සහ ඇලෙන සුළු ආහාරවලින් වැළකී සිටිය යුතුය. |
| රෝහලට යා යුතු වාර ගණන | සායනයට යා යුතු වාර ගණන ඉතා අඩුය . | නිතරම බ්‍රේසස් තද කිරීම සඳහා සායනයට යා යුතුය . |
| ජීවන රටාව | ඉතා නම්‍යශීලී මෙන්ම පහසුය. | සීමාවන් සහ නීති රීති තරමක් වැඩිය. |
| ප්‍රතිකාර සැලසුම්කරණය | ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පූර්ව සැලසුම්කරණයක් සිදු කෙරේ. | කාලයත් සමඟ වරින් වර අතින් සකස් කරනු ලබයි. |
අලයිනර්ස් (Aligners) ප්‍රතිකාරය ආරම්භ කිරීමටත් පෙරම, ඩිජිටල් තාක්ෂණය මඟින් එය සම්පූර්ණයෙන්ම සැලසුම් කරනු ලබන අතර, බ්‍රේසස් (Braces) ප්‍රතිකාරයේදී සිදුවන්නේ ප්‍රතිකාරය කෙරීගෙන යන අතරතුර වරින් වර ඒවා සකස් කිරීමයි.
අලයිනර්ස් ප්‍රතිකාරය සුදුසු කාටද?
- බාහිරට නොපෙනෙන ලෙස ප්‍රතිකාර ලබා ගැනීමට කැමති අය
- වැඩිහිටියන් සහ රැකියාවල නිරත වන තරුණ වෘත්තිකයන්
- නම්‍යශීලී බව සහ පහසුව අගය කරන රෝගීන්
- දත්වල සුළු හෝ මධ්‍යස්ථ මට්ටමේ ඇදයක් ඇති අය
බ්‍රේසස් (Braces) ප්‍රතිකාරය අවශ්‍ය විය හැක්කේ කාටද?
- වඩාත් සංකීර්ණ හෝ දැඩි ලෙස දත් ඇද වී ඇති අවස්ථාවලදී
- දත් පිහිටීමේ විකෘතිතා (Bite) නිවැරදිව සකස් කිරීමට අවශ්‍ය අවස්ථාවලදී
- අලයිනර් දිනපතා අඛණ්ඩව පැළඳ සිටීමට අපහසු රෝගීන් සඳහා
ඔබට වඩාත්ම ගැලපෙන හොඳම ප්‍රතිකාර ක්‍රමය තීරණය වන්නේ ඔබේ දත්වල පවතින සුවිශේෂී තත්ත්වය මතය. එබැවින් ඔබට උපරිම ප්‍රතිඵල ලබා දෙන ප්‍රතිකාරය කුමක්දැයි තහවුරු කර ගැනීමට නිවැරදි වෛද්‍ය පරීක්ෂාවකට (Assessment) යොමු වීම අත්‍යවශ්‍ය වේ.
විනිවිද පෙනන අලයිනර්ස් සඳහා යන පිරිවැය
අලයිනර්ස් ප්‍රතිකාර සඳහා කොපමණ මුදලක් වැය වේද?
අලයිනර්ස් සඳහා යන පිරිවැය ප්‍රධාන වශයෙන්ම තීරණය වන්නේ ඔබේ දත් පෙළෙහි පවතින අක්‍රමවත් ස්වභාවය සහ සංකීර්ණත්වය මතය. ඔබේ දත්වල පවතින තත්ත්වය අනුව ඇස්තමේන්තුගත පිරිවැය වටහා ගැනීමට පහත සරල වර්ගීකරණය උපකාරී වනු ඇත.
සුළු මට්ටමේ අවස්ථා
කුඩා හිඩැස් හෝ සුළු තදබදයක්
- දත් සුළු වශයෙන් නිසි ස්ථානයෙන් බැහැරව පිහිටීම
- ඉදිරිපස දත් අතර සුළු ඉඩක් පැවතීම
රු. 150,000 – 220,000
මධ්‍යස්ථ මට්ටමේ අවස්ථා
පැහැදිලිව පෙනෙන ලෙස දත් තෙරපී තිබීම හෝ ගැටලු කිහිපයක් පැවතීම
- දත් කිහිපයක් එකිනෙක මත පිහිටීම
- කැපී පෙනෙන හිස්තැන් පැවතීම
- ඉදිරිපස දත් ඉදිරියට නෙරා තිබීම
රු. 220,000 – 350,000
සංකීර්ණ මට්ටමේ අවස්ථා
සංකීර්ණ පෙළගැස්ම හෝ හකු පිහිටීමේ දෝෂ සකස් කිරීම
- දැඩි ලෙස දත් තෙරපී තිබීම
- මුඛය වැසීමේ ගැටලු (overbite / underbite)
- නිවැරදි කිරීම් රැසක් අවශ්‍ය වීම
රු. 350,000 – 500,000+
තත්ත්වය වඩාත් සංකීර්ණ වන තරමට වැඩි අලයිනර් තැටි සංඛ්‍යාවක් අවශ්‍ය වන අතර, එමඟින් ප්‍රතිකාර කාලය සහ සමස්ත පිරිවැය වැඩි වේ.
අලයිනර් ප්‍රතිකාරයේ අවසාන පිරිවැය සඳහා බලපාන සාධක මොනවාද?
- අවශ්‍ය වන අලයිනර් තැටි සංඛ්‍යාව
- ප්‍රතිකාරය සඳහා ගතවන කාලය
- භාවිත කරන ඇලයිනර්ස් පද්ධතියේ වර්ගය
- අමතර සකස් කිරීම්වල (refinements) අවශ්‍යතාවය
- ඉහත දක්වා ඇත්තේ ඇස්තමේන්තුගත මිල පරාසයන් පමණි. නිවැරදිම පිරිවැය තීරණය කිරීම සඳහා ඔබටම අනන්‍ය වූ ප්‍රතිකාර සැලසුමක් අවශ්‍ය වේ.
අලයිනර්ස් ප්‍රතිකාරය ක්‍රියාත්මක වන ආකාරය
ඔබේ දත් ක්‍රමයෙන් නිවැරදි ස්ථානයට පත් කිරීම සඳහා සැලසුම් කර ඇති සරල, පියවරෙන් පියවර ක්‍රියාවලියක් මෙන්න.
1
වෛද්‍ය උපදෙස් ලබා ගැනීම
ඔබේ දත්වල පවතින තත්ත්වය සහ අලයිනර්ස් ප්‍රතිකාරය සඳහා ඇති සුදුසුකම් පිළිබඳව සිදු කරන මූලික පරීක්ෂාව.
2
ඩිජිටල් ස්කෑන් පරීක්ෂාව
ඔබේ වර්තමාන සිනහව හඳුනාගෙන සිතියම්ගත කිරීම සඳහා ලබා ගන්නා ඩිජිටල් 3D (ත්‍රිමාණ) ස්කෑන් පරීක්ෂාව.
3
ප්‍රතිකාර සැලසුම්කරණය
දත් පියවරෙන් පියවර චලනය වන ආකාරය ඇතුළත්, ඔබටම අනන්‍ය වූ පුද්ගලික ප්‍රතිකාර සැලසුමක් සකස් කිරීම.
4
අලයිනර්ස් පැළඳීම
දත් පෙළ ක්‍රමයෙන් නිසි ස්ථානයට පත් කිරීම සඳහා ඔබටම විශේෂයෙන් සකස් කළ අලයිනර්ස් තැටි දිනපතා පැළඳ සිටීම.
5
ප්‍රතිඵල ලබා ගැනීම
කාලයත් සමඟ සැලසුම් කළ පරිදි ඔබේ දත් පෙළ මනාව සකස් වී පරිපූර්ණ ප්‍රතිඵල ලැබීම.
විනිවිද පෙනන අලයිනර් මඟින් නිවැරදි කළ හැකි දන්ත ගැටලු මොනවාද?
විනිවිද පෙනෙන අලයිනර් මඟින් දත් පෙළගැස්මේ ඇති වන පොදු ගැටලු රැසක් නිවැරදි කළ හැක. වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ඔබේ දත්වල පවතින තත්ත්වය පහතින් තෝරන්න.
ඔබ අයත් වන්නේ ඉහත ගැටළු අතරින් කුමන වර්ගයටද යන්න ඔබ ස්ථිරවම දන්නේ නැද්ද? එසේනම ඉක්මන් වෛද්‍ය පරීක්ෂාවක් මඟින් ඔබට වඩාත්ම ගැලපෙන ප්‍රතිකාරය පහසුවෙන් හඳුනාගත හැක.
නිතර අසන ප්‍රශ්න
විනිවිද පෙනන අලයිනර් සඳහා කොපමණ මුදලක් වැය වේද?
ලබාගත යුතු අලයිනර් තැටි සංඛ්‍යාව සහ දත්වල පවතින සංකීර්ණත්වය මත පදනම්ව, විනිවිද පෙනෙන අලයිනර් සඳහා සාමාන්‍යයෙන් රුපියල් 150,000 සිට 500,000+ දක්වා වූ මිල පරාසයක් වැය වේ.
විනිවිද පෙනන අලයිනර්ස් බ්රේසස්වලට වඩා හොඳද?
බ්රේසස්වලට සාපේක්ෂව ක්ලියර් අලයිනර්ස් බාහිරට නොපෙනෙන අතර භාවිතයද ඉතා පහසුය. නමුත් වඩාත්ම ගැලපෙන ක්‍රමය තීරණය වන්නේ ඔබේ දත්වල ස්වභාවය අනුවය. සුළු හෝ මධ්‍යස්ථ මට්ටමේ ඇදයක් ඇති දත් සඳහා ඇලයිනර්ස් බෙහෙවින් යෝග්‍ය වේ.
අලයිනර්ස් ප්‍රතිකාරය සඳහා කොපමණ කාලයක් ගතවේද?
දත්වල පවතින ගැටලුවේ ස්වභාවය සහ ඔබ කෙතරම් අඛණ්ඩව අලයිනර්ස් පැළඳ සිටින්නේද යන්න මත පදනම්ව, බොහෝ ඇලයිනර්ස් ප්‍රතිකාර සඳහා මාස 6 සිට 18 දක්වා කාලයක් ගතවේ.
අලයිනර් මඟින් දත් අතර ඇති හිඩැස් සකස් කළ හැකිද?
ඔව්, දත් අතර පවතිනහිඩැස් පියවා ගැනීමට සහ සමස්ත සිනහවේ පෙනුම අලංකාර කර ගැනීමට අලයිනර් බහුලවම භාවිත කරනු ලබයි.
දිනකට පැය කීයක් අලයිනර්ස් පැළඳ සිටිය යුතුද?
සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අලයිනර් දිනකට පැය 20-22ත් අතර කාලයක් පැළඳ සිටිය යුතුය. ඒවා ගලවා තැබිය යුත්තේ ආහාර පාන ගැනීමේදී සහ පිරිසිදු කිරීමේදී පමණි.
විනිවිද පෙනන අලයිනර්ස් පැළඳීම වේදනාකාරීද?
නව අලයිනර්ස් කට්ටලයකට මාරු වන විට දත්වලට සුළු පීඩනයක් හෝ අපහසුතාවක් දැනිය හැකි වුවද, එය සාමාන්‍යයෙන් දින කිහිපයකින් මඟහැරී යයි.
අලයිනර්ස් සැමටම ගැලපෙනවාද?
අලයිනර්ස් බොහෝ රෝගීන්ට සුදුසු වුවද, සෑම අවස්ථාවකටම එය ගැලපෙන්නේ නැත. අලයිනර්ස් ඔබට වඩාත්ම සුදුසු ප්රතිකාරයදැයි තහවුරු කර ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම (Consultation) අනිවාර්ය වේ.
ප්‍රතිකාරය අතරතුර කොපමණ වාර ගණනක් සායනයට (Clinic) පැමිණිය යුතුද?
බ්රේසස්වලට සාපේක්ෂව අලයිනර්ස් ප්‍රතිකාරයේදී සායනයට පැමිණිය යුතු වාර ගණන ඉතා අඩුය. මෙහිදී සිදුවන්නේ ප්‍රතිකාරයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා වරින් වර සායන වාර වෙන්කර දීම පමණි.
අලයිනර්ස් ප්‍රතිකාරය අවසන් වූ පසු සිදුවන්නේ කුමක්ද?
ප්‍රතිකාරය අවසන් වූ පසු, සකස් කරගත් දත් පෙළ නැවත පැවති ස්ථානයට පත්වීම වැළැක්වීම සහ ඒවායේ නව පිහිටීම එලෙසම පවත්වාගෙන යාම සඳහා රිටේනර්ස් (Retainers) පැළඳීම සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලැබේ.
අදම ඔබේ අලයිනර්ස් ගමන ආරම්භ කරන්න
ඔබටම ගැළපෙන පෞද්ගලික පරීක්ෂාවකින් පසු, අලයිනර්ස් ප්‍රතිකාරය ඔබට වඩාත්ම සුදුසුදැයි හඳුනාගන්න.