Clear Aligners price in Sri Lanka

Clear Aligner මිල ගණන්

>

>

Clear Aligner මිල ගණන්

සම්පූර්ණ මාර්ගෝපදේශය

Clear aligners වර්තමානයේ වැඩිම ඉල්ලුමක් සහිත විකලාංග දන්ත ප්‍රතිකාරයක් බවට පත්ව ඇත.  මේවා සාම්ප්‍රදායික කම්බි දැමීමේ (braces) ක්‍රමයට නවීන විකල්පයක් ලෙස විනිවිද පෙනෙන, පහසුවෙන් ඉවත් කළ හැකි තැටි භාවිතා කරමින් ඔබේ දත් ක්‍රමයෙන් නිවැරදි ස්ථානය කරා ගෙන යනු ලබයි.

මේ අනුව රෝගීන්ට වන මූලික ගැටලුව වන්නේ,

Clear Aligner සඳහා කොපමණ මුදලක් වැය වනවාද?

මීට පිළිතුර ඔබේ දත්වල පවතින ගැටලුවේ ස්වභාවය, අවශ්‍ය වන අලයිනර් තැටි සංඛ්‍යාව සහ ප්‍රතිකාර සැලසුම සඳහා භාවිතා කරන තාක්ෂණය වැනි සාධක කිහිපයක් මත රඳා පවතී.

මෙම මාර්ගෝපදේශය මගින් ක්ලියර් අලයිනර් මිල ගණන්, මිල කෙරෙහි බලපාන කරුණු සහ Cayo දන්ත රෝහලේ (Cayo Dental Hospital) පාරදෘශ්‍ය මිල ගණන් ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳව පැහැදිලි කරනු ඇත.

ශ්‍රී ලංකාවේ Clear Aligners සඳහා වන සාමාන්‍ය පිරිවැය කොපමණද?

Clear Aligner ප්‍රතිකාරයක් සඳහා පිරිවැය සාමාන්‍යයෙන් රු.100,000 – රු.500,000 අතර පරාසයක් තුල පවතී.

මෙම මිල මූලික වශයෙන් රඳා පවතින්නේ දන්ත ගැටලුවේ සංකීර්ණතාවය සහ අවශ්‍ය වන අලයිනර් තැටි සංඛ්‍යාව මතය.

Cayo Dental හිදී, ප්‍රතිකාර මිල තීරණය කරනු ලබන්නේ නිවැරදි කළ යුතු දත්වල තත්ත්වය පදනම් කරගෙනයි. ඒ අනුව මෙය රෝගීන්ට තමන්ගේ ප්‍රතිකාර පිරිවැය පහසුවෙන් වටහා ගැනීමට උපකාරී වේ.

මිල ඇස්තමේන්තු සඳහා උදාහරණ

දන්ත තත්ත්වය (Dental Condition) ඇස්තමේන්තුගත මිල (රුපියල්)
තනි දතක් සුළු වශයෙන් ඇද වී තිබීම 100,000
දත් කිහිපයක් සුළු වශයෙන් ඇද වී තිබීම 200,000
දත් විශාල ප්‍රමාණයක් ඇද වී තිබීම 350,000
දත් දෙකක් අතර පවතින කුඩා පරතරය 100,000
දත් අතර පරතරයන් කිහිපයක් පැවතීම 200,000
දත් අතර විශාල පරතරයන් පැවතීම 350,000
මධ්‍යම මට්ටමේ දත් තදබදය (Crowding) 300,000
දැඩි දත් තදබදය (Severe crowding) 400,000
මධ්‍යම මට්ටමේ Overbite තත්ත්වය 300,000
දැඩි හකු මුණගැසීමේ (Bite) දෝෂ 400,000 – 500,000
Crossbite අවස්ථා 200,000 – 400,000
Open bite නිවැරදි කිරීම 300,000 – 500,000
ඉදිරියට නෙරා ඇති දත් නිවැරදි කිරීම 200,000 – 400,000

මෙම ඇස්තමේන්තු, Clear Aligner මගින් ප්‍රතිකාර කරනු ලබන සාමාන්‍ය දන්ත අවස්ථා නිරූපණය කරයි.

නිවැරදිම ප්‍රතිකාර සැලසුම තීරණය කිරීම සඳහා සැමවිටම විස්තරාත්මක වෛද්‍ය උපදේශනයක් අවශ්‍ය වේ.

ඔබේ ප්‍රතිකාර පිරිවැය සඳහා බලපාන ප්‍රධාන සාධක

Clear aligner මිල ගණන් සෑම රෝගියෙකුටම එක හා සමාන නොවන අතර අවසාන පිරිවැය කෙරෙහි සාධක කිහිපයක් බලපායි.

1. ඔබේ දන්ත ගැටලුවේ සංකීර්ණතාවය

මිල කෙරෙහි බලපාන වැදගත්ම සාධකය වන්නේ  පවතින දන්ත ගැටලුවේ ඇති ස්වභාවයයි.එනම් තත්ත්වයේ පවතින බරපතලකම අනුව මිල වෙනස් වේ.

පහත සඳහන් සරල අවස්ථා සඳහා:

මේ සඳහා අවශ්‍ය වන්නේ සීමිත අලයිනර් තැටි සංඛ්‍යාවක් බැවින් පිරිවැය අඩු වේ.

වඩාත් සංකීර්ණ අවස්ථා සඳහා:

මෙම අවස්ථා සඳහා වැඩි තැටි සංඛ්‍යාවක් සහ දිගු ප්‍රතිකාර කාලයක් අවශ්‍ය වේ.

2. ප්‍රතිකාර සැලසුමේ කාලසීමාව

Clear Aligner ප්‍රතිකාරය සිදුවන්නේ අනුපිළිවෙලින් යුත් තැටි මාලාවක් මගින් දත් ක්‍රමයෙන් චලනය කිරීමෙනි.

දල වශයෙන් සාමාන්‍ය තත්ත්වයේ ප්‍රතිකාර අවස්ථාවකදී අවශ්‍ය වන අලයිනර් ප්‍රමාණය:

සිද්ධියේ සංකීර්ණතාවය (Case Complexity) අලයිනර් සංඛ්‍යාව (Number of Aligners)
සුළු නිවැරදි කිරීම් (Minor correction) අලයිනර් 10–15
මධ්‍යම මට්ටමේ නිවැරදි කිරීම් (Moderate alignment) අලයිනර් 20–35
සංකීර්ණ විකලාංග ප්‍රතිකාර (Complex orthodontics) අලයිනර් 40–60

අවශ්‍ය වන අලයින්ර් සංඛ්‍යාව වැඩි වන තරමට, ප්‍රතිකාර පිරිවැය ද ඉහළ යයි. 

Clear Aligner සන්නාමය

වෙළඳපොළේ විවිධ අලයිනර් සන්නාම පවතී. ජාත්‍යන්තරව පිළිගත් ඇතැම් සන්නාමයන් අතර:

ජාත්‍යන්තර සන්නාම සඳහා විද්‍යාගාර ගාස්තු සහ බලපත්‍ර ගාස්තු හේතුවෙන් වැඩි පිරිවැයක් දැරීමට සිදුවිය හැකිය.

නමුත් පුහුණු දන්ත වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන විට, දේශීයව නිෂ්පාදනය කරන අලයිනර් වඩාත් සහනදායී මිලකට ලබාගත හැකි අතරම ඉතා විශිෂ්ට සායනික ප්‍රතිඵල ද  අත්කර ගැනීමට හැකි වේ. 

4. දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණු තාක්ෂණය

නවීන ඩිජිටල් විකලාංග පද්ධති (Digital orthodontic systems) භාවිතා කරන දන්ත සායනවල ප්‍රතිකාර සඳහා අමතර තාක්ෂණික පිරිවැයක් ඇතුළත් විය හැකිය.

උදාහරණ ලෙස:

මෙම තාක්ෂණයන් මගින් ප්‍රතිකාරයේ නිරවද්‍යතාවය සහ ප්‍රතිඵල පිළිබඳ විශ්වාසනීයත්වය ඉහළ නංවයි.

විකලාංග දන්ත විශේෂඥ දැනුම

විකලාංග දන්ත සැලසුම් කිරීම යනු ඉතා සුවිශේෂී හා සංකීර්ණ ක්‍රියාවලියකි. ප්‍රතිකාර පිරිවැය තුළ පහත සඳහන් වෘත්තීය සේවාවන්හි වටිනාකම ද ඇතුළත් වේ:

ආරක්ෂිත සහ නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වෘත්තීය දන්ත වෛද්‍ය අධීක්ෂණය අත්‍යවශ්‍ය වේ.

Clear Aligners සහ Traditional Metal Braces සමඟ පිරිවැය සංසන්දනය

විකලාංග දන්ත ප්‍රතිකාරයක් (Orthodontic treatment) තෝරා ගැනීමේදී රෝගීන් බොහෝ විට අලයිනර් සහ සාම්ප්‍රදායික කම්බි දැමීමේ ක්‍රම අතර පවතින පිරිවැය සංසන්දනය කර බලයි.

ප්‍රතිකාර වර්ගය (Treatment Type) ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පිරිවැය (Typical Cost)
ලෝහමය කම්බි (Metal braces) රුපියල් 120,000 – 250,000
සෙරමික් කම්බි (Ceramic braces) රුපියල් 180,000 – 300,000
පැහැදිලි අලයිනර් (Clear aligners) රුපියල් 100,000 – 500,000

සාම්ප්‍රදායික කම්බි දැමීමේ (Braces) ක්‍රමයට වඩා පිරිවැය සුළු වශයෙන් වෙනස් වුවද, අලයිනර් (Aligners) මගින් සුවිශේෂී වාසි කිහිපයක් ලබා දෙයි.

බොහෝ වැඩිහිටි රෝගීන්හට අලයිනර් ප්‍රතිකාරයෙන් ජීවන රටාවට ගෙනදෙන පහසුව නිසාම මේ සඳහා කරන ආයෝජනය ඉතා වාසිදායක වේ.

කිසිදු "සැඟවුණු පිරිවැයක්" තිබේද? ඔබේ දන්ත වෛද්‍යවරයාගෙන් විමසිය යුතු කරුණු

අලයිනර් මිල ගණන් සංසන්දනය කිරීමේදී, ප්‍රතිකාර පැකේජයට ඇතුළත් වන්නේ මොනවාදැයි රෝගීන් සැමවිටම විමසා බැලිය යුතුය.

මූලික උපදේශන සහ ඩිජිටල් ස්කෑන් පරීක්ෂණ

සමහර සායන පහත සඳහන් සේවාවන් සඳහා වෙන වෙනම ගාස්තු අය කරයි:

නමුත් තවත් සමහර සායන මෙම වියදම් සියල්ල ප්‍රතිකාර පැකේජය තුළටම ඇතුළත් කර ඇත.

ප්‍රතිකාරයෙන් පසු භාවිතා කරන රිටේනර්ස් (Post-Treatment Retainers)

දන්ත විකලාංග ප්‍රතිකාරයකින් පසුව, දත් නැවත තිබූ පැරණි ස්ථානයට ගමන් කිරීම වැළැක්වීම සඳහා රිටේනර්ස් (Retainers) පැළඳීම අනිවාර්ය වේ.

අලයිනර් ප්‍රතිකාර පැකේජය තුළට මෙම රිටේනර්ස් ඇතුළත් කර තිබිය හැකිය, නැතහොත් ඒ සඳහා වෙනම ගාස්තුවක් අය කළ හැකිය.

ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර රෝගීන් මේ පිළිබඳව විමසා තහවුරු කර ගැනීම වඩාත් සුදුසුය.

නැතිවූ තැටි සඳහා වන ප්‍රතිස්ථාපන පිරිවැය (Replacement Costs)

අලයිනර් තැටියක් නැති වුවහොත් හෝ හානි වුවහොත්, ඒ වෙනුවට අලුත් තැටියක් ලබා ගැනීමට සිදු විය හැක.

ප්‍රතිස්ථාපන පිරිවැය තීරණය වන්නේ:

නැතිවූ හෝ හානි වූ තැටි සම්බන්ධයෙන් සායනය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්දැයි රෝගීන් තම දන්ත වෛද්‍යවරයාගෙන් විමසා දැනගත යුතුය.

ඔබේ පහසුව වෙනුවෙන් Cayo Dental අපේ පිරිවැය සැලසුම්

පාරදෘශ්‍ය මිල ගණන් (Transparent pricing) යනු Cayo දන්ත රෝහලේ (Cayo Dental Hospital) ඉතා වැදගත් මූලධර්මයකි.

මිල ගණන් සැඟවීමට වඩා, රෝගීන් තමන්ගේ සිනහව හැඩගැන්වීමේ ගමන ආරම්භ කිරීමට පෙර ප්‍රතිකාර පිරිවැය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත යුතු බව අපගේ විශ්වාසයයි. 

ඔබේ සිනහවේ ගමන් මග සඳහා පහසු ගෙවීමේ ක්‍රම

ප්‍රතිකාර සඳහා වන පිරිවැය ඔබට දරාගත හැකි මට්ටමක පවත්වා ගැනීම සඳහා, පහත සඳහන් ගෙවීමේ ක්‍රමවේදයන් භාවිතා කළ හැක:

මෙමගින් රෝගීන්ට මුළු පිරිවැයම එකවර ගෙවීමකින් තොරව, ඉතා පහසුවෙන් තම ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව සැලසේ.

පහසු මාර්ගගත (Online) වෙන්කරවා ගැනීම් සහ ආරක්ෂිත ගෙවීම්

රෝගීන්ට දැන් මාර්ගගත වෙන්කිරීමේ පද්ධති හරහා තම වෛද්‍ය උපදේශන වාරයන් වෙන් කරවා ගත හැකි අතර, එමගින් පහත පහසුකම් සැලසේ:

මෙම නවීන පද්ධතිය මගින් විකලාංග දන්ත ප්‍රතිකාරයක් (Orthodontic treatment) ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ඉතා සරල සහ පහසු කරවයි.

ඔබේ Clear Aligners ප්‍රතිකාරය සඳහා මහනුවර Cayo Dental රෝහල තෝරා ගතයුත්තේ ඇයි?

Clear Aligner ප්‍රතිකාරයක් සාර්ථක වීමට නම් ඉතා නිවැරදි සැලසුම්කරණයක් සහ සායනික අධීක්ෂණයක් අත්‍යවශ්‍ය වේ.

නොපෙනෙන විකලාංග දන්ත ප්‍රතිකාර (Invisible Orthodontics) සඳහා මහනුවර ප්‍රමුඛතම ගමනාන්තය

Cayo දන්ත රෝහල (Cayo Dental Hospital) විසින් නවීන ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව සහ විකලාංග විශේෂඥ දැනුම ඒකාබද්ධ කරමින් අලයින්ර් ප්‍රතිකාර සඳහාම වෙන්වූ ක්‍රමවේදයක් සකස් කර ඇත.

නවීන දුරස්ථ මධ්‍යස්ථාන: ඔබේ කාලය සහ ගමන් වියදම් ඉතිරි කර දීම

ප්‍රතිකාර සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වැඩි දියුණු කරමින් ඩිජිටල් ස්කෑන් මධ්‍යස්ථාන (Digital scanning centers) තුලින් රෝගීන්ට පහත පහසුකම් සලසා දෙයි.

මෙම ප්‍රවේශය මගින් ප්‍රධාන නගරවලින් බැහැරව ජීවත් වන රෝගීන්ට අලයින්ර් ප්‍රතිකාරය වඩාත් පහසු සහ ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් කරයි.

AI (කෘතිම බුද්ධිය) සහ 3D මුද්‍රණ තාක්ෂණයෙන් මෙහෙයවන නිරවද්‍ය දන්ත වෛද්‍ය විද්‍යාව

නවීන විකලාංග දන්ත සැලසුම්කරණයේදී බොහෝ විට පහත සඳහන් තාක්ෂණයන් භාවිතා කරයි. 

මෙම තාක්ෂණයන් භාවිත කිරීමෙන්, අලයින්ර් තැටි නිෂ්පාදනය කිරීමට පෙරම ප්‍රතිකාරයේ අවසාන ප්‍රතිඵලය කෙබඳු වේදැයි දෘශ්‍යමාන කිරීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ.

Clear Aligners සඳහා කරන ආයෝජනය වටිනවාද?

බොහෝ රෝගීන්ට, Clear Aligner යනු හුදෙක් රූපලාවන්‍ය ප්‍රතිකාරයක් පමණක්ම නොවේ.

විකලාංග දන්ත ප්‍රතිකාරයක් (Orthodontic correction) මගින් පහත දෑ වැඩි දියුණු කළ හැක:

මීට අමතරව, ආත්ම විශ්වාසයෙන් යුත් සිනහවක් පුද්ගලයෙකුගේ ආත්ම අභිමානය, සමාජයීය සබඳතා සහ වෘත්තීය විශ්වාසය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි. එබැවින්, මෙය ඔබේ සෞඛ්‍යය සහ පෞරුෂය වෙනුවෙන් කරන වටිනා ආයෝජනයකි.

නිතර අසන ප්‍රශ්න
(Frequently Asked Questions)

Clear Aligners ප්‍රතිකාරය සඳහා මාසික වාරික වශයෙන් ගෙවිය හැකිද?

ඔව්. බොහෝ දන්ත සායන මගින් රෝගීන්ට ප්‍රතිකාර සඳහා ක්‍රමයෙන් ගෙවීමට ඉඩ සලසන වාරික ගෙවීමේ ක්‍රම (Installment plans) ලබා දෙයි. සාමාන්‍යයෙන් මෙම ගෙවීම් කාලසටහන ප්‍රතිකාරයේ විවිධ අවධීන් අනුව සකස් කර ඇත.

ශ්‍රී ලංකාවේ දන්ත රක්ෂණ (Dental Insurance) මගින් විනිවිද පෙනෙන අලයිනර් සඳහා ආවරණයක් ලබා දෙයිද?

ශ්‍රී ලංකාවේ බොහෝ දන්ත රක්ෂණ සැලසුම් මගින් විකලාංග දන්ත ප්‍රතිකාර (Orthodontics) සඳහා ලබා දෙන්නේ සීමිත ආවරණයකි. ඇතැම් රක්ෂණ ආයතන අලයිනර් ප්‍රතිකාරය සඳහා ආවරණය ලබා නොදීමේ හැකියාවක් පවතී. එබැවින් රෝගීන් මේ පිළිබඳව තම රක්ෂණ සපයන්නාගෙන් සෘජුවම විමසා බැලිය යුතුය.

මිල අඩු, සෘජුවම පාරිභෝගිකයා වෙත ලැබෙන (Direct-to-consumer) අලයිනර් ආරක්ෂිතද?

සමහර සමාගම් විසින් අලයිනර්, වෘත්තීය දන්ත වෛද්‍ය අධීක්ෂණයකින් තොරව සෘජුවම පාරිභෝගිකයන් වෙත අලෙවි කරයි. කෙසේ වෙතත්, දත් චලනය කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉතා ප්‍රවේශම් සහගත රෝග විනිශ්චයක් සහ නිරන්තර නිරීක්ෂණයක් අත්‍යවශ්‍ය වේ. ඔබේ ආරක්ෂාව සහ සාර්ථක ප්‍රතිඵලයක් සඳහා, අලයිනර් ප්‍රතිකාර සැමවිටම සුදුසුකම් ලත් දන්ත වෛද්‍ය වෘත්තිකයන්ගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතුය.

Cayo Dental වෙතින් ලබාගත් සායනික දත්ත (Clinical Data)

නිසි ලෙස තෝරාගත් රෝගීන් සඳහා Clear Aligners භාවිතා කිරීමෙන් ඉතා සාර්ථක සහ පුරෝකථනය කළ හැකි ප්‍රතිඵල ලබාගත හැකි බව Cayo දන්ත රෝහලේ (Cayo Dental Hospital) සායනික නිරීක්ෂණ මගින් සනාථ වී ඇත.

සායනික දර්ශකය (Clinical Indicator) නිරීක්ෂිත අගය (Observed Value)
විශ්ලේෂණය කළ අලයිනර් රෝගීන් සංඛ්‍යාව ~ රෝගීන් 642
රෝගීන්ගේ සාමාන්‍ය වයස ~ අවුරුදු 29.8
එක් හනුවකට (Arch) අවශ්‍ය සාමාන්‍ය අලයිනර් තැටි ගණන ~ තැටි 22
එක් රෝගියෙකු සඳහා අවශ්‍ය මුළු සාමාන්‍ය අලයිනර් තැටි ගණන ~ තැටි 38
සාමාන්‍ය ප්‍රතිකාර කාලය ~ මාස 10.6
අතිරේක නිවැරදි කිරීම් (Refinement aligners) අවශ්‍ය වූ ප්‍රතිශතය ~ 54%
ප්‍රතිකාර සම්පූර්ණ කිරීමේ අනුපාතය ~ 93%

අභ්‍යන්තර ලේඛනගත නිරීක්ෂණවලට අනුව, රෝගීන් නියමිත පරිදි අලයිනර් තැටි පැළඳීම සිදු කරන්නේ නම්, මෘදු හා මධ්‍යම මට්ටමේ විකලාංග දන්ත ගැටලු සඳහා විනිවිද පෙනෙන අලයිනර්  ඉතා ඉහළ මට්ටමේ කාර්යක්ෂමතාවයක් දක්වන බව දන්ත වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු කරයි.

Cayo Aligner Preliminary Screening

Required Photos

කායෝ අලයිනර්ස් මූලික පරීක්ෂාව

අවශ්‍ය ඡායාරූප