Clear Aligners vs. Braces in Sri Lanka

Clear Aligners සහ Braces අතරින් ඔබට වඩාත් ගැලපෙන්නේ කුමක්ද?

>

>

Clear Aligners සහ Braces අතරින් ඔබට වඩාත් ගැලපෙන්නේ කුමක්ද?

ඔබට වඩාත් ගැලපෙන්නේ කුමක්ද?

පසුගිය දශක කිහිපය තුළ විකලාංග දන්ත ප්‍රතිකාර (Orthodontic treatment) සැලකිය යුතු ලෙස දියුණු වී ඇත. ඇද වූ හෝ නෙරා ආ දත් නිවැරදි කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික කම්බි දැමීම (Braces) සම්මත ක්‍රමය ලෙස පැවතුණද, නවීන දන්ත වෛද්‍ය විද්‍යාව දැන් ඒ සඳහා විකල්පයක් ලෙස විනිවිද පෙනෙන අලයිනර් (Clear Aligners) හඳුන්වා දී ඇත.

රෝගීන් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන්නේ :

මා තෝරාගත යුත්තේ කම්බි දැමීමද නැතිනම් විනිවිද පෙනෙන අලයින්ර්ද?

මෙම ප්‍රතිකාර ක්‍රම දෙකම දත් පෙළ ක්‍රමවත්ව සැකසීම සඳහා ඉතා ඵලදායී ක්‍රමවේදයන් වන නමුත්, ඒවායේ පෙනුම, සුවපහසුව, ජීවන රටාවට ඇති බලපෑම සහ ප්‍රතිකාර කරන ආකාරය එකිනෙකට වෙනස් වේ. ඔබේ විකලාංග දන්ත  ප්‍රතිකාරය පිළිබඳව නිවැරදි තීරණයක් ගැනීමට උපකාරී වන පරිදි මෙම මඟපෙන්වීම හරහා එම වෙනස්කම් පැහැදිලි කර දෙයි.

සාම්ප්‍රදායික ලෝහමය කම්බි (Metal Braces) සහ විනිවිද පෙනෙන අලයිනර් (Invisible Aligners)

දශක ගණනාවක් තිස්සේ, විකලාංග දන්ත ප්‍රතිකාර යනු ලෝහමය බ්‍රැකට් සහ කම්බි සහිත බ්‍රේසස් (Braces) ය. කෙසේ වෙතත්, අද වන විට බොහෝ වැඩිහිටියන් ප්‍රිය කරන විනිවිද පෙනෙන අලයිනර් (Clear Aligners), සුවපහසු මෙන්ම  පිටතට නොපෙනෙන අයුරින් පැළඳ සිටිය හැකි විකල්ප ප්‍රතිකාර ක්‍රමයකි.

බරපතල දන්ත විකලාංග ගැටලු නිවැරදි කිරීම සඳහා සාම්ප්‍රදායික කම්බි දැමීමේ ක්‍රමය තවමත් ඉතා විශ්වාසදායක ක්‍රමවේදයකි. එසේ වුවද, නොපෙනෙන අලයින්ර්ස් වඩාත් සුවපහසු සහ පෙනුමෙන් ආකර්ෂණීය ලෙස දත් පෙළ කෙළින් කිරීමට අවස්ථාව ලබා දෙන බැවින්, ඒවායේ ජනප්‍රියතාවය ඉතා වේගයෙන් වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙම ප්‍රතිකාර ක්‍රම දෙකම බහුලව පවතින අතර, වඩාත් නිවැරදි තේරීම රඳා පවතින්නේ ඔබේ දත්වල ස්වභාවය, ජීවන රටාව සහ ප්‍රතිකාරයෙන් ඔබ බලාපොරොත්තු වන ඉලක්ක මතය.

සාම්ප්‍රදායික කම්බි දැමීම ( Traditional Braces) සිදුවන ආකාරය

සාම්ප්‍රදායික කම්බි දැමීමේ ක්‍රමයේදී දත්වලට සවි කරන ලද බ්‍රැකට් (Brackets) සහ ඒවා එකිනෙකට සම්බන්ධ කරන විකලාංග කම්බි (Orthodontic wires) පද්ධතියක් භාවිතා කරයි. දන්ත වෛද්‍යවරයා විසින් වාරික වශයෙන් මෙම කම්බි තද කිරීම හෝ සකස් කිරීම හරහා දත් නියමිත ස්ථානය කරා ක්‍රමයෙන් ගෙන යනු ලබයි.

මෙම ක්‍රියාවලිය සිදුවන්නේ කාලයත් සමඟ දත් මත යොදන පාලනය කරන ලද විකලාංග බලයක් (Orthodontic force) මගිනි. වෛද්‍යවරයා හමුවීමට යන සෑම වාරයකදීම කම්බි තද කිරීමේදී, දත් ක්‍රමයෙන් අපේක්ෂිත ස්ථානය කරා චලනය වේ.

පහත සඳහන් තත්ත්වයන් සඳහා කම්බි දැමීම (Braces) විශේෂයෙන්ම ඵලදායී වේ:

කම්බි දැමීම යනු තවමත් ප්‍රතිඵල සහිත විකලාංග දන්ත  ප්‍රතිකාරවලින් එකක් වුවද, එහි යම් යම් සීමාවන් ද දක්නට ලැබේ.

ලෝහමය සහ සෙරමික් බ්‍රේසස්වල වාසි සහ අවාසි

කම්බි දැමීම තවමත් වඩාත්ම පුරෝකථනය කළ හැකි දන්ත විකලාංග ප්‍රතිකාරවලින් එකක් ලෙස පවතින නමුත්, එහි යම් යම් සීමාවන් ද පවතී.

සාම්ප්‍රධායික කම්බි දැමීමේ වාසි

සාම්ප්‍රධායික කම්බි දැමීමේ අවාසි

සෙරමික් බ්‍රේසස් (Ceramic Braces) මගින් දත්වල වර්ණයට සමාන බ්‍රැකට් භාවිතා කරන බැවින් එය සාම්ප්‍රදායික ලෝහමය කම්බිවලට වඩා ආකර්ෂණීය පෙනුමක් සහිතයි. කෙසේ වෙතත්, අලයිනර් සමඟ සැසඳීමේදී සෙරමික් බ්‍රේසස් (Ceramic Braces) තවමත් බාහිරට දර්ශනය වේ.

ශ්‍රී ලංකාව තුළ Clear Aligners ප්‍රතිකාරයේ වර්ධනය

විනිවිද පෙනෙන අලයිනර් (Clear Aligner) යනු ලොව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින විකලාංග දන්ත ප්‍රතිකාර ක්‍රමවේදයකි.

මෙහිදී බ්‍රැකට් සහ කම්බි වෙනුවට, දත් ක්‍රමයෙන් නියමිත ස්ථානය කරා ගෙනයෑම සඳහා නිර්මාණය කරන ලද විනිවිද පෙනෙන තැටි මාලාවක් (Series of transparent trays) භාවිතා කරයි.

සෑම අලයිනර් තැටියක්ම ඩිජිටල් ප්‍රතිකාර සැලසුම්කරණයට අනුව එක් එක් පුද්ගලයාටම ආවේණික ලෙස සකස් කරනු ලබන අතර, ඊළඟ තැටියට මාරු කිරීමට පෙර දින 10–14 ක පමණ කාලයක් එක තැටියක් පැළඳිය යුතුය.

ශ්‍රී ලංකාව තුළ, බාහිරට නොපෙනෙන ලෙස දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට කැමති වැඩිහිටියන්, වෘත්තිකයන් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර මෙම විනිවිද පෙනෙන අලයිනර් ක්‍රමය වඩාත් ජනප්‍රිය වෙමින් පවතී.

විනිවිද පෙනෙන අලයිනර් ප්‍රතිකාරය අනෙක් විකලාංග දන්ත ප්‍රතිකාරයන්ගෙන් වෙනස් වන්නේ ඇයි?

විනිවිද පෙනෙන අලයිනර් (Clear aligners) ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ සාම්ප්‍රදායික කම්බි දැමීමේ ක්‍රමයට වඩා වෙනස් වේ. මේ අනුව අලයිනර් යනු:

ඩිජිටල්මය විකලාංග දන්ත සැලසුම්කරණය මගින් ප්‍රතිකාරය ආරම්භ කිරීමට පෙරම දත් චලනය වන ආකාරය පිළිබඳ පෙරහුරුවක් (Simulation) කිරීමට දන්ත වෛද්‍යවරුන්ට අවස්ථාව ලැබේ. එමගින් ප්‍රතිකාරයේ නිරවද්‍යතාව සහ ප්‍රතිඵලය පිළිබඳ විශ්වාසය තහවුරු කළ හැක.

රෝගීන් සාමාන්‍යයෙන් මෙම අලයින්ර් තැටි දිනකට පැය 20–22ක් පැළඳිය යුතු අතර, ඒවා ඉවත් කළ යුත්තේ ආහාර ගන්නා විට සහ දත් පිරිසිදු කරන විට පමණි.

කම්බි දැමීම( Braces) සහ විනිවිද පෙනෙන අලයිනර් (Clear Aligners)

මෙම ප්‍රතිකාර ක්‍රම දෙක අතර පවතින වෙනස්කම් අවබෝධ කර ගැනීම, රෝගීන්ට තම ජීවන රටාවට වඩාත් ගැලපෙන විකල්පය තෝරා ගැනීමට උපකාරී වේ.

1

රූපලාවන්‍ය සහ පෙනුම: කැපී පෙනීම සහ නොපෙනී තිබීම

බ්‍රේසස් සහ අලයිනර් අතර ඇති වඩාත්ම කැපී පෙනෙන වෙනස වන්නේ ඒවායේ බාහිර පෙනුමයි.

  • දත් වලට කම්බි දැමීම: මෙහිදී දත් මත පැහැදිලිව පෙනෙන බ්‍රැකට් සහ කම්බි භාවිතා වේ. දත්වල වර්ණයට සමාන සෙරමික් බ්‍රේසස් භාවිතා කළද, ඒවා යම් ප්‍රමාණයකට බාහිරට දර්ශනය වේ.

  • විනිවිද පෙනෙන අලයිනර්: අලයිනර් පැළඳ සිටින විට ඒවා සම්පූර්ණයෙන්ම වාගේ නොපෙනී යයි. සාමාන්‍ය කතාබහකදී බොහෝ දෙනෙකුට මේවා පැළඳ සිටින බව හඳුනාගත නොහැකි තරම්ය.

බාහිරට නොපෙනෙන විකලාංග දන්ත විසඳුමක් අපේක්ෂා කරන වැඩිහිටියන්ට සහ වෘත්තිකයන්ට, අලයින්ර් මගින් ඉතා විශාල වාසියක් අත්කර දෙයි.

2

සුවපහසුව සහ එදිනෙදා ජීවිතය: ලෝහ කම්බි සහ සිනිඳු ප්ලාස්ටික්

  • දත් වලට කම්බි දැමීම (Braces): ලෝහමය කම්බි සහ බ්‍රැකට් කම්මුල් සහ තොල්වල ඇතුල් පැත්තේ ඇතිල්ලීම නිසා ඇතැම් විට මුඛය ඇතුළත තුවාල හෝ අපහසුතා ඇති විය හැක.

  • විනිවිද පෙනෙන අලයිනර්(Clear Aligners): මේවා නිෂ්පාදනය කර ඇත්තේ සිනිඳු, වෛද්‍ය ප්‍රමිතියට අනුකූල ප්ලාස්ටික් (Medical-grade plastic) වර්ගයකිනි. එබැවින් සාමාන්‍යයෙන් මුඛය තුළ ඇති වන අපහසුතාවයන් ඉතා අවම වේ.

නව අලයිනර් තැටියක් පැළඳීමට පටන් ගත් මුල් දින කිහිපය තුළ රෝගීන්ට සුළු පීඩනයක් දැනිය හැකි වුවද, එය දින කිහිපයකින් පහව යයි. අලයිනර් තැටි අවශ්‍ය අවස්ථාවකදී ගැලවිය හැකි බැවින්, එදිනෙදා වැඩකටයුතුවලදී වැඩි සුවපහසුවක් සහ නම්‍යශීලී බවක් ලබා ගත හැක.

3

ආහාර පාලනය සහ මුඛ සෞඛ්‍යය: ඔබට ආහාරයට ගත හැක්කේ මොනවාද?

සාම්ප්‍රදායික කම්බි දැමීමේදී (Braces) ආහාර සම්බන්ධ සීමාවන් පොදු ලක්ෂණයකි.

බ්‍රැකට් හෝ කම්බිවලට හානි කළ හැකි පහත සඳහන් ආහාර ගැනීමෙන් රෝගීන් වැළකී සිටිය යුතුය:

එමෙන්ම, අලයිනර් භාවිතා කිරීමේදී මුඛ සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගැනීම ද පහසු වේ. මන්දයත්, කම්බි හෝ බ්‍රැකට් හරහා පිරිසිදු කිරීමට වෙහෙස නොවී, සාමාන්‍ය පරිදි දත් මැදීමට සහ ‘ෆ්ලොස්’ (Floss) කිරීමට රෝගීන්ට හැකි බැවිනි.

4

ප්‍රතිකාරය සඳහා ගත වන කාලය සහ සායනයට පැමිණීම : ඩිජිටල් සැලසුම්කරණයෙන් කාලය ඉතිරි කර ගැනීම

ප්‍රතිකාර සඳහා ගතවන කාලය එක් එක් පුද්ගලයාගේ දන්ත ගැටලුවේ සංකීර්ණතාවය අනුව වෙනස් වේ.

  • දත් වලට කම්බි දැමීම (Braces): මේවායේදී කම්බි සකස් කිරීම (Adjustment visits) සඳහා සාමාන්‍යයෙන් සෑම සති 4-6කට වරක් නිතර සායනය වෙත පැමිණීමට සිදු වේ.

  • විනිවිද පෙනෙන අලයිනර්(Clear Aligners): මේවා ඩිජිටල් තාක්ෂණයෙන් සැලසුම් කරන බැවින්, සායනය තුළදී සිදු කරන සකස් කිරීම් ප්‍රමාණය අඩු විය හැක. ඇතැම් වාරයන් අවශ්‍ය වන්නේ ප්‍රතිකාරයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පමණි.

බොහෝ අලයිනර් ප්‍රතිකාර මාස 6ත් 18ත් අතර කාලයකදී සම්පූර්ණ කළ හැකි වුවද, එය දත්වල ස්වභාවය අනුව වෙනස් විය හැක.

අලයිනර් බ්‍රේසස්වලට වඩා මිල අධිකද?

ශ්‍රී ලංකාව තුළ, විකලාංග දන්ත ප්‍රතිකාර පිරිවැය අදාළ රෝගී තත්ත්වයේ සංකීර්ණතාවය සහ තෝරාගන්නා ප්‍රතිකාර ක්‍රමය මත  වෙනස් වේ.

 

සාමාන්‍ය මිල ගණන් පහත පරිදි වේ:

ප්‍රතිකාර වර්ගය සාමාන්‍ය මිල පරාසය (ශ්‍රී ලංකා රුපියල්)
ලෝහමය බ්‍රේසස් (Metal Braces) රු. 120,000 – 250,000
සෙරමික් බ්‍රේසස් (Ceramic Braces) රු. 180,000 – 300,000
විනිවිද පෙනෙන අලයිනර් (Clear Aligners) රු. 100,000 – 500,000

ප්‍රතිකාර සැලසුම් කිරීමේදී භාවිතා කරන උසස් තාක්ෂණය හේතුවෙන්, ඇතැම් අවස්ථාවලදී විනිවිද පෙනෙන අලයිනර් වඩා මිල අධික බවක් පෙනෙන්නට ඇත. 

කෙසේ වෙතත්, අලයිනර් මගින් ලැබෙන ජීවන රටාවට අදාළ වාසි,එනම් සුවපහසුව, පෙනුම සහ පහසුව සලකා බැලීමේදී, බොහෝ වැඩිහිටි රෝගීන්ගේ ප්‍රමුඛතම තේරීම බවට මේවා පත්ව ඇත.

ඔබේ සිනහව හැඩකර ගැනීමට මහනුවර Cayo Dental ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

නිවැරදි විකලාංග දන්ත ප්‍රතිකාරයක් තෝරා ගැනීම තරමටම, ඒ සඳහා සුදුසු දන්ත සායනයක් තෝරා ගැනීම ද ඉතා වැදගත් වේ.

Cayo දන්ත රෝහලේ විනිවිද පෙනෙන අලයිනර් (Clear Aligner) ප්‍රතිකාරය සඳහා, නවීන දන්ත වෛද්‍ය තාක්ෂණය සමඟ ඒකාබද්ධ වූ ඩිජිටල් විකලාංග දන්ත සැලසුම්කරණය (Digital Orthodontic Planning) භාවිතා කරනු ලබයි.

3D මුඛ අභ්‍යන්තර ස්කෑන් පරීක්ෂණ (Intraoral Scanning) සහ AI තාක්ෂණය මගින් සිදුකරන නිවැරදි ප්‍රතිකාර

නවීන අලයිනර් සැලසුම් කිරීම ආරම්භ වන්නේ ඩිජිටල් මුඛ අභ්‍යන්තර ස්කෑන් (Digital Intraoral Scanning) පරීක්ෂණයකිනි. මෙහිදී රෝගියාගේ දත්වල ඉතා නිවැරදි 3D ආකෘතියක් (3D Model) ලබා ගනු ලබයි.

මෙම ඩිජිටල් ආකෘතිය මගින්, දන්ත වෛද්‍යවරුන්ට උසස් විකලාංග දන්ත මෘදුකාංග සහ කෘතිම බුද්ධිය (AI) ආශ්‍රිත සැලසුම්කරණ මෙවලම් භාවිතා කරමින් ඉතා නිවැරදි ප්‍රතිකාර සැලසුමක් සකස් කිරීමට අවස්ථාව ලැබේ.

ඔබේ පහසුව සඳහා දුරස්ථ ස්කෑන් පරීක්ෂණ

ප්‍රතිකාර සඳහා යොමු වීමේ පහසුව වැඩි දියුණු කිරීම උදෙසා ඩිජිටල් ස්කෑන් මධ්‍යස්ථාන මගින් රෝගීන්ට තම ප්‍රදේශයට ආසන්න ස්ථානයක සිට මූලික ස්කෑන් පරීක්ෂණ සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙයි.

මෙම ක්‍රමය මගින් ගමන් බිමන් සඳහා ගතවන කාලය ඉතිරි වන අතර, ශ්‍රී ලංකාව පුරා සිටින රෝගීන්ට නවීන විකලාංග දන්ත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පහසු ප්‍රවේශයක් හිමි වේ.

පහසු මාර්ගගත (Online) වෙන්කරවා ගැනීම් සහ සුරක්ෂිත Payhere ගෙවීම්

මාර්ගගත වෙන්කරවා ගැනීමේ පද්ධති (Online booking systems) සහ සුරක්ෂිත ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන් හරහා රෝගීන්ට ඉතා පහසුවෙන් වෛද්‍ය උපදේශන සඳහා වේලාවන් වෙන්කරවා ගත හැක.

මෙම පද්ධති මගින් විකලාංග දන්ත ප්‍රතිකාර ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සරල කරන අතර, කාර්යබහුල වෘත්තිකයන් හට ඉහළ පහසුවක් සලසා දෙයි.

ඔබේ ජීවන රටාවට වඩාත් ගැලපෙන්නේ කුමන තේරීමද?

දත් වලට කම්බි දැමීම සහ විනිවිද පෙනෙන අලයිනර් අතරින් වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගැනීම කරුණු කිහිපයක් මත රඳා පවතී:

ඉතා සුළු හා මධ්‍යම මට්ටමේ දත් පෙළගැස්වීමේ ගැටලු සඳහා, විනිවිද පෙනෙන අලයිනර් ප්‍රතිකාරය මගින් සුවපහසු සහ බාහිරට නොපෙනෙන විසඳුමක් ලබා දෙයි. කෙසේ වෙතත්, ඉතා බරපතල විකලාංග දන්ත ගැටලු සඳහා තවමත් සාම්ප්‍රදායික කම්බි දැමීම හෝ ප්‍රතිකාර ක්‍රම කිහිපයක එකතුවක් වඩාත් හිතකර විය හැකියි.

ඔබට වඩාත් ගැලපෙනම විකල්පය තීරණය කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ විකලාංග දන්ත වෛද්‍ය උපදේශනයක් (Orthodontic consultation) ලබා ගැනීමයි.

නිතර අසන ප්‍රශ්න
(Frequently Asked Questions)

මට සාම්ප්‍රදායික දත් වලට කම්බි දැමීමේ ක්‍රමයෙන් (Braces) විනිවිද පෙනෙන අලයිනර් (Aligners) වලට මාරු විය හැකිද?

ඇතැම් අවස්ථාවලදී, ප්‍රතිකාරය අතරතුර දත්වලට කම්බි දැමීමේ සිට අලයිනර්වලට මාරු වීමට රෝගීන්ට හැකියාව ඇත. මෙය රඳා පවතින්නේ ප්‍රතිකාරයේ පවතින අවධිය සහ අපේක්ෂිත දන්ත විකලාංග ඉලක්ක මතය. මෙම මාරුවීම සුදුසු ද යන්න දන්ත වෛද්‍යවරයෙකු හෝ විකලාංග දන්ත වෛද්‍යවරයෙකු විසින් ඇගයීමට ලක් කළ යුතුය.

දත් ක්‍රමවත්ව සකසා ගැනීමට ඉක්මන්ම ක්‍රමය කුමක්ද?

සුළු දන්ත ගැටලු අලයිනර් මගින් සාපේක්ෂව ඉක්මනින් නිවැරදි කළ හැකි අතර, සංකීර්ණ හකු මුණගැසීමේ (Bite problems) ගැටලු සඳහා සාම්ප්‍රධායික දත් වලට කම්බි දැමීම මගින් දීර්ඝ කාලීන ප්‍රතිකාර අවශ්‍ය විය හැක. නිසි ලෙස සැලසුම් කළහොත් මෙම ප්‍රතිකාර ක්‍රම දෙකෙන්ම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැක.

මා හට බරපතල ‘Severe Overbite’ (උඩු දත් පෙළ ඉදිරියට නෙරා තිබීම) තත්ත්වයක් ඇත්නම් මට අලයිනර් භාවිතා කළ හැකිද?

මධ්‍යස්ථ මට්ටමේ Overbite ඇතුළු බොහෝ හකු මුණගැසීමේ ගැටලු නිවැරදි කිරීමට විනිවිද පෙනෙන අලයිනර් වලට හැකියාව ඇත. කෙසේ වෙතත්, ඉතා බරපතල තත්ත්වයන් නිවැරදි කිරීමට සාම්ප්‍රදායික දත් වලට කම්බි දැමීම හෝ ප්‍රතිකාර ක්‍රම කිහිපයක එකතුවක් අවශ්‍ය විය හැක. වඩාත් සුදුසු ප්‍රතිකාර සැලසුම තීරණය කිරීම සඳහා සවිස්තරාත්මක විකලාංග දන්ත පරීක්ෂණයක් අවශ්‍ය වේ.

Cayo Dental ආයතනයෙන් ලබාගත් සායනික දත්ත

නිසි ලෙස තෝරාගත් රෝගීන් සඳහා විනිවිද පෙනෙන අලයිනර් (Clear Aligner) ප්‍රතිකාර මගින් ඉතා සාර්ථක සහ පුරෝකථනය කළ හැකි ප්‍රතිඵල ලබාගත හැකි බව Cayo දන්ත රෝහලේ සායනික නිරීක්ෂණ මගින් සනාථ වේ.

සායනික දර්ශකය (Clinical Indicator) නිරීක්ෂිත අගය
විශ්ලේෂණය කරන ලද අලයිනර් රෝගීන් සංඛ්‍යාව ~642 රෝගීන්
රෝගීන්ගේ සාමාන්‍ය වයස ~වයස අවුරුදු 29.8
එක් හනුවක් (Arch) සඳහා සාමාන්‍ය අලයිනර් තැටි සංඛ්‍යාව ~තැටි 22
රෝගියෙකු සඳහා අවශ්‍ය වූ සාමාන්‍ය මුළු අලයිනර් තැටි සංඛ්‍යාව ~තැටි 38
ප්‍රතිකාර සඳහා ගතවූ සාමාන්‍ය කාලය ~මාස 10.6
ප්‍රතිඵල වැඩිදියුණු කිරීමේ (Refinement) අලයිනර් අවශ්‍ය වූ අවස්ථා ~54%
ප්‍රතිකාර සාර්ථකව අවසන් කිරීමේ ප්‍රතිශතය ~93%

මෙම සොයාගැනීම් විකලාංග දන්ත පර්යේෂණවලට අනුකූල වේ. එමගින් පෙන්වා දෙන්නේ රෝගීන් නියමිත පරිදි අලයිනර් තැටි පැළඳීම සිදු කරන්නේ නම්, සුළු හා මධ්‍යස්ථ මට්ටමේ දන්ත ගැටලු නිවැරදි කිරීම සඳහා විනිවිද පෙනෙන අලයිනර් ඉතා ඉහළ ඵලදායීතාවක් දක්වන බවයි.

Cayo Aligner Preliminary Screening

Required Photos

කායෝ අලයිනර්ස් මූලික පරීක්ෂාව

අවශ්‍ය ඡායාරූප